Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

කොරෝනා වෛරසය කෙතරම් මාරාන්තිකද?

   25 මාර්තු 2020
   Getty Image

   ඡායාරූප මූලාශ්‍රය, Getty Image

   එක්සත් රාජධානියේ රජයේ වෛද්‍ය උපදේශකවරුන් විශ්වාස කරන්නේ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්විය හැක්කේ 0.5% ත් 1%ත් අතර ප්‍රමාණයක් පමණක් බවය.

   මෙම අගය දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් මරණයට පත්වූ ප්‍රතිශතයට වඩා අඩු අගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ ලොව පුරා ආසාදිතයන්ගෙන් 4%ක් මරණයට පත් වී ඇති බවය. මාර්තු 23 වනදා වන විට එක්සත් රාජධානිය තුළ මරණ ප්‍රතිශතය 5%ක් විය.

   මීට හේතුව එක්සත් රාජධානිය තුළ සියලු ආසාදිතයන් පරීක්ෂාවට ලක් කොට තහවුරු නොකිරීමය.

   පරීක්ෂාවට ලක් කළ යුත්තේ කවුරුන්ද යන වග තීරණය කිරීමට එක් එක් රටවල් තමන්ගේ නිගමනයන් අනුව කටයුතු කරති. එම නිසා ඒ ඒ රටවලින් වාර්තාවන ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ ප්‍රතිශතය සංසන්දනය කිරීමේදී වැරදි මගපෙන්වීමක් ලබා දිය හැකිය.
   Getty Image

   ඡායාරූප මූලාශ්‍රය, Getty Image

   මරණ අනුපාතිකය රඳා පවතින තවත් සාධක කිහිපයක් පවතී. ඔබේ වයස, ඔබේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය සහ ඔබට ලැබෙන සෞඛ්‍ය සේවා පහසුකම්වල තත්වය ඉන් කිහිපයකි.

ඔබට පවතින අවදානම කෙතරම් ද?

   වයස්ගත සහ අසනීපයෙන් පසුවන පුද්ගලයන්ට නව කොරෝනාවෛරසය වැළඳුනහොත් මරණයට පත්වීමට ඇති සම්භාවිතාව වැඩිය.

   ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුව වයස අවුරුදු 80ට වැඩි උදවියට පවතින මරණ අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළය. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට පවතින්නේ ඊට වඩා බොහෝ සෙයින් අඩු අවදානමකි.

   වයස්ගත පුද්ගලයන්ට පවතින අවදානම ඉතා ඉහළ වුවත් "වයස්ගත උදවියගෙන් අති විශාල පිරිසකට අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ රෝග තත්වයන් පෙන්නුම් කරනු ඇති," බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක, මහාචාර්ය ක්‍රිස් විටි පවසයි.

   නමුත් මෙය තරුණයන් විසින් නොතකා හරිනු ලැබිය යුතු සුළු ආසාදනයක් ලෙස නොසිතිය යුතු යයි ඔහු අනතුරු අඟවන්නේ ඇතැම් තරුණයන්ට පවා අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බව අවධානයට ලක් කරවමිනි.

   ඒ අනුව බලන කල මෙම ආසාදනයේ අවදානම තීරණය වන්නේ වයස මත පමණක් ම නොවේ.

   චීනයෙන් වාර්තා වූ පළමු ආසාදිතයන් 44,000කගේ තත්වය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද හෝ ශ්වසන රෝග පවතින උදවියට පවතින අවදානම සාමාන්ය මට්ටම මෙන් අඩු වශයෙන් පස්ගුණයකින් වත් ඉහළ බවය.

   මේ සියලුම සාධකයන් මත මෙහි මරණ අනුපාතිකය රඳා පවතින බැවින් එක් එක් රටවලින් වාර්තාවන ආසාදිතයන් හෝ සියලු කාණ්ඩවලට අයත් ආසාදිතයන් කෙරෙහි පවතින මරණ අවදානම පිළිබඳව පූර්ණ නිගමනයකට ඒමට හැකියාවක් නැත.

   ආසාදිතයන්ගෙන් වාර්තාවන මරණවල රටාව අනුව වැඩිම අවදානමක් පවතින්නේ කාටද යන්න පැවසිය හැකි නමුත් එය නියත වශයෙන් ම අගයක් ලෙස පැවසිය නොහැකිය.

   දැනට තහවුරු වූ ආසාදිතයන්ගෙන් මරණයට පත් වූ සංඛ්‍යාව ගණනය කොට ලබා ගන්නා අගය සැබෑ මරණ අනුපාතිකය ලෙස සැලකිය නොහැක.

   සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බොහෝ පුද්ගලයන් වෛද්යවරයෙකු වෙත යොමු නොවන බැවින් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ලේඛනගත නොවේ.

   මාර්තු 17 වනදා වන විට එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබුනේ ආසාදිතයන් 2000ක් පමණි. නමුත් එම අවස්ථාවේ දී එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්රික් වැලන්ස් ගේ තක්සේරුව වූයේ රට තුළ ආසාදිතයන් 55,000ක් පමණ සිටින බවය.

   මරණයට පත් වූ සංඛ්‍යාව 55,000න් බෙදූ විට ලැබෙන මරණ අනුපාතිකයට වඩා අතිශයින් වැඩි අගයක් එම මරණ සංඛ්‍යාව 2000න් බෙදූ විට ලැබේ.

   සැබෑ මරණ අනුපාතිකය තීරණය කිරීමේ දී මෙම ඇස්තමේන්තු කෙතරම් වැරදි සහගත අගයන් ලබා දෙන්නේද යන්න තහවුරු වන්නේ ලේඛනගත නොවන ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සමාජයේ සිටීම හේතුවෙනි.

රටින් රටට මරණ අනුපාතය වෙනස් වන්නේ අයි?

   ආසාදිතයන් සොයා ගැනීම සඳහා එක් එක් රටවල් යොදා ගන්නා ක්‍රමවේදයන් හි පවතින කාර්යක්ෂමතාවය මත එය රඳා පවතින බව ඉම්පීරියල් කොලේජ් සිදු කළ සමීක්ෂණ වර්තාවක දැක වේ.

   වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාව රටින් රටට වෙනස් වේ. ආසාදිතයන් සොයා ගැනීම සඳහා පනවන නීති රටින් රටට වෙනස් ය. මෙම සාධක ද කාලයත් සමඟ වෙනස් වේ.

ප්‍රධාන පුවත

     *

ක්‍රිකට් ලෝක කුසලානය: 'තරඟ පාවාදීමක්' ගැන පොලිස් පරීක්ෂණය නවතී
       2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
       2020 ජූලි 3
     *

කොළඹ වරායේ වර්ජනය සහ ඉන්දීය සම්බන්ධය ගැන මේ කරුණු දැන සිටියාද ?
       ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින්, සියලු දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති විසින් දියත් කර තිබුණ කොළඹ වරායේ සේවක වර්ජනය අවසන්.
       2020 ජූලි 3
     *

2020 මහ මැතිවරණය: අපේක්ෂකයෝ කවුද?
       මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්, අලුත් මුහුණු, සමාජ මාධ්‍ය ජාල හැසිරීම සහ කාන්තා හිමිකම් ඇතුළු කරුණු පිළිබඳ විමසුමකි, මේ.
       2020 ජූලි 3

දැක්ම

     *

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලයි
       පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ අරන්තලාව ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි.
       2020 ජූනි 30
     *

වැලිකඩ ඝාතන නඩුවේ සැකකරුවන්ට අවවාද
       නීතිය සීමාව තුළ රැඳී සිටිමින් කටයුතු නොකරන්නේ නම් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදුවිය හැකි බවට වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවන්ට අවවාද.
       2020 ජූනි 26
     *

කරුණා අම්මාන් 'අත්අඩංගුවට ගන්න' - අධිකරණයට පෙත්සමක්
       දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ICCPR පනත යටතේ ද කරුණා අම්මාන් වරදක් සිදුකර ඇති බව පෙත්සම්කරු පවසයි.
       2020 ජූනි 25
     *

කරන්නාගොඩට එරෙහි නඩු විභාගයට අතුරු තහනම් නියෝගයක්
       රිට් පෙත්සම් විභාගය කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මෙම අතුරු තහනම් නියෝගය බලපැවැත්වේ.
       2020 ජූනි 25
     *

ළමා ලිංගික අපයෝජන: භික්ෂුවකට සිර දඬුවම්
       දහම් පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි නව හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බෞද්ධ භික්ෂුවකට වසර 08 ක සිර දඬුවමක්.
       2020 ජූනි 18
     *

කෝවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවකයින්ට දීමනා ප්‍රමාද වූයේ ඇයි?
       බස්නාහිර පළාතේ සහ තවත් පළාත් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට "අදාළ වැටුප් දීමනා මාස තුනක් නිසියාකාරව නොගෙවීම සම්බන්ධයෙන් විරෝධතා" දක්වන ආකාරය පසුගිය දින කිහිපයේදී මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.
       2020 ජූනි 19
     *

මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ගේ පරිගණකය රස පරීක්ෂක වෙත
       මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි.
       2020 ජූනි 16
     *

කොල්ලුපිටියේ පොලිස් පහරදීම: "ඇමෙරිකාවට වැඩිය ඇමෙරිකාව ආරක්ෂා කරනවා"
       "ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව" සංවිධානය කර තිබුණු උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය එල්ල කළ ප්‍රහාරය ගැන දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
       2020 ජූනි 12
     *

ජල බිල : "රු. 5000 ආපහු ගන්න රජය හැදූ උපක්‍රමයක්"
       දින 30ක ජල පරිභෝජනය වෙනුවෙන් ඒකක 75ට වඩා වැඩි වූ විට ජලය ඒකකයක මිල රු. 140 දක්වා ඉහළ යන අතර සේවා ගාස්තුව ද ඉහළ යයි.
       2020 ජූනි 10

වැඩිපුරම කියැවූ

    1. 1
       කොළඹ වරායේ වර්ජනය සහ ඉන්දීය සම්බන්ධය ගැන මේ කරුණු දැන සිටියාද ?
    2. 2
       2020 මහ මැතිවරණය: අපේක්ෂකයෝ කවුද?
    3. 3
       "ලෝකයේ විශාලම කබල්ලෑවා" ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ
    4. 4
       ක්‍රිකට් ලෝක කුසලානය: 'තරඟ පාවාදීමක්' ගැන පොලිස් පරීක්ෂණය නවතී
    5. 5
       බොට්ස්වානා අලි ඇතුන් සියගණනකට මරු කැඳවූ අභිරහස කුමක්ද?

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.