Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

කොරෝනා වෛරසය සමග සිරුරේ ප්‍රතිශක්තිය සටන් කරන්නේ කෙසේ ද? අලුත් සොයා ගැනීමක්

   19 මාර්තු 2020
   Getty Images

   ඡායාරූප මූලාශ්‍රය, Getty Images

   කොරෝනා වෛරසයට (Covid-19) එරෙහිව මිනිස් ශරීරයේ ප්‍රතිශක්ති රටාව සටන් වදින්නේ කෙසේ ද යන්න හඳුනාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති.

   ඔවුන්ගේ අදහස් සහිත ලිපියක් වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු රැගත් 'නේචර්' (nature) සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර සාමාන්‍ය වෛරස් ආසාදනයකින් ගොඩ එන ආකාරයට කොරෝනා වෛරසයෙන් මහජනයා සුවය ලබන ආකාරය එමගින් පෙන්වා දී ඇත.

   එසේම කොරෝනා සඳහා උපයෝගී කරගත හැකි අලුත් එන්නතක් නිෂ්පාදනය කර ගැනීමට කවර ප්‍රතිශක්ති සෛල ආධාරක වෙන්නේද යන්න එමගින් පෙන්නුම් කෙරෙන බවත් එම විශේෂඥයෝ සඳහන් කරති.

   ලෝකය පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 200,000ක සංඛ්‍යාවක් සහ 8000කට අධික මරණ සංඛ්‍යාවක් බදාදා වනවිට වාර්තා කරනු ලැබ තිබුණි.

   ''මේ සොයාගනු ලැබීම ඉතාම වැදගත්. මොකද? මෙය තමයි කොරෝනා වෛරසයට එරෙහිව අපේ ප්‍රතිශක්ති රටාව ක්‍රියාත්මක වෙන ආකාරය වටහා ගත් පළමු අවස්ථාව'' ඉහත කී සොයාගැනීමට අදාළ වාර්තාවේ සම කතුවරියක වන මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා (katherine Kedzierska) සඳහන් කළාය.

   එම පර්යේෂණය සිදු කරන ලද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පීටර් ඩොහර්ති (Doherty) ආසාදන සහ ප්‍රතිශක්ති අධ්‍යයනායතනය සෙසු විද්‍යාඥයන්ගේ අගය කරනු ලැබීමට හේතුවී ඇත.

   එක් විශේෂඥයකු විසින් නව පර්යේෂණයේ ප්‍රතිපලය අගය කරනු ලැබ තිබෙන්නේ ''ඉදිරි පියවරක්'' ලෙස විග්‍රහ කරමිනි.

සොයාගනු ලැබ තිබෙන්නේ කුමක්ද?

   Getty Images

   ඡායාරූප මූලාශ්‍රය, Getty Images

   කොරෝනා වෛරසය ආසාදනය වීමට ගොදුරු වූවන්ගෙන් බොහෝදෙනෙක් සුවය ලැබීම යනු, දැනටමත් තේරුම් ගොස් ඇති පරිදි මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ව්‍යුහයට එම වෛරසයට එරෙහිව සාර්ථකව සටන් කළ හැකි බවය.

   එහෙත් ඉහත කී ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින සිව් වැදෑරුම් ප්‍රතිශක්ති සෛල විශේෂ හඳුනා ගනු ලැබ ඇත.

   සිය පර්ය්ෂණයේ දී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ කළින් ශරීර සෞඛ්‍යය ප්‍රශ්න නොවූ දැනට කොරෝනා වයිරසය තරමක් ආසාදිත සහ පසුව එහි මධ්‍යම මට්ටම දක්වා වර්ධනය වූ රෝගියකු අධීක්ෂණය කිරීමය.

   චීනයේ වුහාන් පළාතෙන් පැමිණි හතළිස් හත් (47) හැවිරිදි කාන්තාවක් ඔස්ට්‍රේලියාවේදී රෝහල්ගතව ඇති අතර එම කාන්තාව දවස් දාහතරකට පසුව සුවය ලබා ඇත.

   සිය කාර්ය මණ්ඩලය අදාළ චීන කාන්තාවගේ සමස්ත ප්‍රතිශක්ති ක්‍රියාදාමය පරීක්ෂණයට ලක් කරන ලද බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා බීබීසියට ප්‍රකාශ කළාය.
   Getty Images

   ඡායාරූප මූලාශ්‍රය, Getty Images

   අදාළ චීන කාන්තාව සුව අතට හැරීමට දවස් තුනකට පෙර ඇයගේ රුධිර සංසරණ පද්ධතිය තුළ අති විශේෂ සෛල විශේෂයක් දුටුබව විද්‍යාඥයෝ පවසති. ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් තුළත් සුවය ලබීමට පෙර එම සෛල විශේෂය වූ බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා පවසන්නීය.

   ''එම ප්‍රතිපලය මගින් අපි විශ්මයට පත්වුනා. චිකිත්සක සායනය තුළින් ලබන වර්ධනයට පෙරාතුව ආසාදිත රෝහියකු තුළ ප්‍රතිශක්ති සෛල ක්‍රියාත්මක වෙන ආකාරය අපට මෙහිදී තේරුම් ගැනීමට හැකි වුණා '' මහාචාර්යවරිය බීබීසියට ප්‍රකාශ කළාය.

   අදාළ විශ්ලේෂණය ඉදිරිපත් කිරීම සඳහා දොළොස් දෙනෙකුට අධික විද්‍යාඥයන් කණ්ඩායමක් සති හතරක කාලයක් දවසේ පැය 24 පුරා කටයුතු කළ බවත් ඇය පවසයි.

මේ ගැනත් කියවන්න:

     * ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්
     * නිරෝධායනයට බිය විය යුතු ද?
     * කොරෝනා වෛරසය: පළමු එන්නත ඇමෙරිකාවේදී අත්හදා බලයි

   ඉහත කී සොයාගනු ලැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ඕස්ට්‍රේලියානු සෞඛ්‍යය ඇමති ග්‍රෙග් හන්ට් (Greg Hunt ) කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට සාර්ථක මට්ටමින් ප්‍රතිකාර කිරීම සඳහා සහ ඊට උපයෝගී කරගත හැකි එන්නතක් නිපදවා ගැනීම කඩිනම් වීමට පරිසරය සකස් කරනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

   මෙම කොරෝනා උවදුරට ගොදුරු වෙන්නන්ගේ සිරුරු ප්‍රතිශක්තිය වෛරසයට එරෙහිව සටන් වැදීම අතින් දුර්වල වෙන්නේ කුමක් නිසාද යන්න සොයාගැනීම විද්‍යාඥයන්ගේ මීළඟ පියවර වනු ඇතැයි කැතරින් කෙඩ්ෂීර්ස්කා පවසන්නීය.

   ''මරණයට පත් හෝ සැබැවින්ම බරපතල මට්ටමින් රෝගී වූ පුද්ගලයන්ගේ ඌනතා සහ වෙනස්කම් මොනවාද යන්න තේරුම් ගැනීම දැන් ඇති ප්‍රමුඛ කාර්යය වෙනවා. ඒ අනුව අපට ඔවුන් ආරක්ෂා කරගත හැකි වෙනවා.'' මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රධාන පුවත

     *

ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
       2020 අගෝස්තු 14
     *

ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
       පැය 8 කට පෙර
     *

කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
       2020 අගෝස්තු 14

දැක්ම

     *

ජාතික ලැයිස්තුව: විමලතිස්ස හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි
       2020 අගෝස්තු 11
     *

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන 'අර්බුදයක්'
       2020 අගෝස්තු 10
     *

මහින්ද රාජපක්ෂ සිව් වන වරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි
       2020 අගෝස්තු 9
     *

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග
       2020 අගෝස්තු 7
     *

2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්
       2020 අගෝස්තු 6
     *

2020 පාර්ලිමේන්තු මැතිවරණය: මැතිවරණ දිනයේ පෙළ ගැසීම් 
       2020 අගෝස්තු 5
     *

''ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි''
       2020 ජූලි 22
     *

කෝවිඩ්-19 මාර්ගෝපදේශ නීතිගත කළ යුත්තේ ඇයි? - PHIවරු කියන කතාව
       2020 ජූලි 17
     *

''සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ''
       2020 ජූලි 16

වැඩිපුරම කියැවූ

    1. 1
       ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
    2. 2
       ටී රෙක්ස් වර්ගයේ නව ඩයිනසෝරයෙක් සොයා ගනී
    3. 3
       කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
    4. 4
       ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
    5. 5
       ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 අතරට ගිය කස්තුරි චෙල්ලරාජා විල්සන්

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.