Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

   BBC Account
     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

වෙනිසුවෙලාව: "දරුවන් හය දෙනෙක් බිහි කරන්න" - ජනාධිපති මදුරෝ

     * 2020 මාර්තු 6

     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * මෙය බෙදාගන්න ඊමේල් 
     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න WhatsApp 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * යවන්න 
       මෙය බෙදාගන්න
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
          + ඊමේල්
            මෙය බෙදාගන්න ඊමේල් 
          + Facebook
            මෙය බෙදාගන්න Facebook 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Twitter
            මෙය බෙදාගන්න Twitter 
          + WhatsApp
            මෙය බෙදාගන්න WhatsApp 
       මේ යොමුව පිටපත් කරන්න
       https://www.bbc.com/sinhala/world-51756379
       මිතුරන්ට යැවීම පිළිබඳ
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
       (BUTTON) බෙදාගැනීමේ පැනලය වහන්න

   Image copyright Getty Images Image caption "දරුවන් හය දෙනෙක් බිහි කරන්න" -ජනාධිපති මදුරෝ

   "රටේ යහපත උදෙසා" දරුවන් හය දෙනෙකු බිහිකරන මෙන් වෙනිසුවෙලා ජනාධිපති නිකොලස් මදුරෝ එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරයි.

   කාන්තා සෞඛ්‍යය සැලසුමක් නංවාලීමට අදාළ, රූපවාහිනිය මගින් ද විකාශනය කෙරුණ ජාතික උත්සවයකට සහභාගි වූ ජනාධිපතිවරයා "දරුවන් බිහිකරන්න! දරුවන් බිහි කරන්න!" යනුවෙන් සිය රටේ කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළේය.

   දැනට ආර්ථික අර්බුදයකට මැදි වී ඇති වෙනිසුවෙලාව ඉතා බරපතළ ආහාර සහ ඖෂධ හිඟයකට මුහුණ දී සිටින රාජ්‍යයකි.

   2013 සහ 3018 අතර කාලය ඇතුළත වෙනිසුලා දරුවන්ගෙන් 13 %ක් මන්දපෝෂණයට ගොදුරු වූ බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල(Unicef) පවසයි.

   මේ අතර වෙනිසුවෙලා ආණ්ඩුව සහ එරට විපක්ෂය අතර පවතින අමිහිරි බල අරගලය රටේ තත්වය තවත් දරුණු තත්වයකට පත් කිරීමට හේතු වී ඇත.

   වෙනිසුවේලා විපක්ෂ නායක හුවාන් ගයිඩෝ (Juan Guaidó) රටේ නීත්‍යානුකූල පාලකයා හැටියට පනහකට අධික රටවල් විසින් පිළිගනු ලැබ ඇත.

   එහෙත් යුද හමුදාවේ සහයෝගය ලබන වාමාංශික නායක ජනාධිපති මදුරෝ දිගටම බලයේ රැඳී සිටියි.

   "පුංචි පුතුන් සහ දූවරුන් හයදෙනා බැගින් බිහි කරන්නට ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි," ජනාධිපති මදුරෝ ඉහත කී සෞඛ්‍යය සංරක්ෂණ වැඩ සටහනට සහභාගි වූ කාන්තාවක් අමතමින් සඳහන් කළේය.

   "හැම කාන්තාවක්ම රටේ යහපත වෙනුවෙන් ළමුන් හය දෙනෙක් බිහිකළ යුතුයි," ජනාධිපති මදුරෝ පවසයි.

   මාර්තු අටවෙනිදා උදාවෙන ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව සඳහන් කළ ජනාධිපතිවරයා "මෙය කාන්තාවන්ගේ සතිය" යයි සඳහන් කළේය.
   Image copyright EPA Image caption රටේ ව්‍යවහාර මුදලේ අගය පිරිහීමත් සමඟ ඩොලරයෙන් ගනුදෙනු කරන වෙනිසුලා වෙළෙඳපොල

   එහෙත් විපක්ෂ නායක ජුවාන් ගයිඩෝගේ ආධාරකරුවෝ ජනාධිපති මදුරෝගේ ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන්නේ කෝපයෙනි.

   "රෝහල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එන්නත් හිඟයි. මව්වරුන්ට තනකිරි දෙන්න බැහැ. මොකද? මන්දපෝෂණය. මිල මුදල් නැති නිසා ළදරු පිටිකිරි ගන්න බැහැ. මානවීය ආපදා නිසා මිනිස්සු රටහැර යන තත්වයක් උද්ගත වෙලා," විපක්ෂයට වැඩි බලයක් සහිත වෙනිසුවෙලා ජාතික මණ්ඩලයේ මන්ත්‍රීවරයෙක් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

   "මේ වගේ කතා කියන මදුරෝ සහ ඔහුගේ සමස්ත පාලනය මානසික විකාරයක්!"

වෙනිසුලාවේ පවුලේ තත්වය

   ලෝක ආහාර ව්‍යාපෘතිය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව සෑම වෙනිසුවෙලානු ජාතිකයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් අවම පෝෂ්‍යදායී ආහාරවේලක් සම්පාදනය කර ගැනීමේ දුෂ්කර අරගලයක නිරත වෙමින් සිටියි.
   Image copyright EPA Image caption වෙනිසුවෙලාවේ විපක්ෂ නායකයා රටේ නීත්‍යානුකූල පාලකයා ලෙස පනහකට අධික රටවල් පිළිගෙන ඇත

   මහමග අත්හැර දමන ලද කුඩා දරුවන් ගණනාවක් සිය ඇස ගැටුණ අතර, ආණ්ඩුවේ ගොඩනැගිලි ඉදිරිපිට දමාගිය දරුවන්ගේ සංඛ්‍යාව 70%කින් වැඩි වී ඇතැයි 2018 වසරේ එක් ශුභසාධක සංවිධානයක් ප්‍රකාශ කරයි.

   වෙනිසුවෙලා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අදාළ කිසිදු නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කර නොමැත.

   කියවන්න:
     * යුද හමුදාව වෙනිසුවෙලා නීතිපති කාර්යාලය වට කරයි 
     * නිදහස් දා මන්ත්‍රීවරු ගුටිකති
     * වෙනිසුවෙලාවේ දැවැන්ත වැඩ වර්ජනයක් 
     * වෙනිසියුලාවත් ඉන්දියානු මාවතේ

සබැඳි විෂයයන්

     * ළමා
     * වෙනිසියුලාව
     * කාන්තා

මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ

     * ඊමේල් 
     * Facebook 
     * Messenger 
     * Messenger 
     * Twitter 
     * WhatsApp 

   යලිත් උඩට 

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.