Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

"ලෝකයේ විශාලම කබල්ලෑවා" ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ

     * ෂර්ලි උපුල් කුමාර
     * බීබීසී සිංහල

   2 ජූලි 2020
   ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ 'ඉන්දියානු කබල්ලෑවා' [Indian Pangolin] නමැති විශේෂය ය.

   ඡායාරූප මූලාශ්‍රය, Dr. Priyan Perera
   ඡායාරූප ශීර්ෂ වැකිය,

   ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ 'ඉන්දියානු කබල්ලෑවා' [Indian Pangolin] නමැති විශේෂය ය.

   සිංහල හෝඩි පොත කියවන විට ''ඈ'' යන්නෙන් දී ඇති වචනය 'ඈයා' බව ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඈයා හෙවත් කබල්ලෑවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකම සත්ත්වයෙකි. කබල්ලෑවාගේ නම අසා තිබුණ ද එම සත්ත්වයා සියැසින් දුටු අය ඉතා විරලය. රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත සත්ත්වයෙකු නිසා බොහෝ දෙනෙකුට කබල්ලෑවා දැකීමට අවස්ථාව හිමි නොවේ.

   මෙම සත්ත්වයා පිළිබඳ ගෝලීය වශයෙන් ද දැඩි අවධානයක් යොමුව තිබේ. ඊට හේතුව වී තිබෙන්නේ ලෝකයේ නීතිවිරෝධී වෙළෙඳාමට වඩාත්ම ලක්වන ක්ෂීරපායි සත්ත්වයා කබල්ලෑවා වීම නිසාය.

   ලොව පුරා කබල්ලෑවන් විශේෂ අටක් සිටින අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ 'ඉන්දියානු කබල්ලෑවා' [Indian Pangolin] නමැති විශේෂය බව සත්ත්ව විද්‍යාඥයෝ පවසති. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් පිළිබඳව වසර පහක් පුරා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර තිබේ. එම අධ්‍යයනයේ ප්‍රතිඵල මේ වන විට විද්‍යාත්මක
   පර්යේෂණ පත්‍රිකා කිහිපයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් පර්යේෂණ පත්‍රිකාවක් මේ දිනවල සුදානම් කරමින් පවතී.

   මන්නාරමෙන් හමුවූ ලොකුම කබල්ලෑවා

   ''ලෝකයේ විශාලම කබල්ලෑවන් වෙන්නේ අප්‍රිකාවේ ජීවත්වන යෝධ කබල්ලෑවා [Gaint Pangolin]. එම විශේෂයේ දැනට වාර්තාවෙලා තියෙන උපරිම දේහ බර සහ විශාලත්වයට වඩා වැඩි සත්ත්වයෙක් අපිට ශ්‍රී ලංකාවෙන් හමුවුණා. මන්නාරමෙන් හමුවූ මේ සත්ත්වයා ගැන පළමු වරට පර්යේෂණ කණ්ඩායම විදියට අපි මාධ්‍යයකට කියන්නේ බීබීසී සිංහල සේවයට. තව සති කිහිපයකින් ඒ තොරතුරු විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් හරහා ඡායාරූප සහිතව නිල වශයෙන්
   ලෝකයට හෙළිදරවු කරනවා'' යනුවෙන් ආචාර්ය ප්‍රියාන් පෙරේරා ප්‍රකාශ කළේය.
   ''අපේ පර්යේෂණය ආරම්භ කරන්න පෙර ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් ගැන විද්‍යාත්මක අධ්‍යනයක් කර තිබුණේ නැහැ." - ආචාර්ය ප්‍රියාන් පෙරේරා

   ඡායාරූප මූලාශ්‍රය, Dr. Priyan Perera
   ඡායාරූප ශීර්ෂ වැකිය,

   ''අපේ පර්යේෂණය ආරම්භ කරන්න පෙර ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් ගැන විද්‍යාත්මක අධ්‍යනයක් කර තිබුණේ නැහැ." - ආචාර්ය ප්‍රියාන් පෙරේරා

   "ලෝකයේ විශාලතම කබල්ලෑවා" ශ්‍රී ලංකාවෙන් සොයා ගත්ත ද එම සත්ත්වයා මේ ලිපිය ලියන මොහොත වන විට කිසිවෙකුටත් සජීවීව දක්නට හැකියාවක් නැත. ඊට හේතුව ලෝකයේ විශාලතම කබල්ලෑවා බවට වාර්තා පොත් වලට එකතුවීමට නියමිත ශ්‍රී ලංකාවේ කබල්ලෑවා දැනටමත් දඩයක්කරුවෙකුගේ ගොදුරක් බවට පත්ව ඇති බැවිනි.

   දැනට වාර්තා වී ඇති විද්‍යාත්මක තොරතුරුවලට අනුව ලෝකයේ විශාලතම ඉන්දියානු කබල්ලෑවාගේ බර කිලෝග්‍රෑම් 32.2 කි. අප්‍රිකානු යෝධ කබල්ලෑවෙකු කිලෝග්‍රෑම් 33-36 අතර බරකින් යුක්ත වේ.
   කබල්ලෑවෙක්

   ඡායාරූප මූලාශ්‍රය, Dr. Priyan Perera

   කබල්ලෑවා යනු කිරි බී වැඩෙන සත්ත්වයෙකි (ක්ෂීරපායී). ඉදිරි පාද වල ඇති නඛර යොදාගෙන උන් ගුල් හාර දිවා කාලය වැඩි වශයෙන් ගත කරයි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉන්දියානු කබල්ලෑවා හෙවත් සත්ත්ව විද්‍යාත්මකව Manis crassicaudata ලෙස හඳුන්වන විශේෂය පකිස්ථානය, ඉන්දියාව සහ නේපාලය වැනි රටවල ව්‍යාප්තව ඇත. එම සත්ත්වයා පිළිබඳ සිදුකළ විද්‍යාත්මක අධ්‍යයනයේ දැනට ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු ආචාර්ය ප්‍රියාන් පෙරේරා
   මෙලෙස විස්තර කරන ලදී.

   ''අපේ පර්යේෂණය ආරම්භ කරන්න පෙර ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් ගැන විද්‍යාත්මක අධ්‍යනයක් කර තිබුණේ නැහැ. ලංකාව දූපතක් නිසා කලාපයේ අනික් රටවල ජීවත්වන කබල්ලෑවන්ට වඩා අපේ රටේ කබල්ලෑවන්ගේ විශේෂත්වයක් ඇති කියලා අපි කල්පනා කරපු නිසා තේමාවන් තුනක් ඔස්සේ 2014දී පර්යේෂණ ආරම්භ කළා. හැසිරීම් රටාව, ජිවත්වන පරිසර තත්ත්වයන් සහ සංරක්ෂණයට තියෙන ප්‍රධාන ගැටලු හඳුනා ගැනීම තමයි අපේ ඉලක්කය වුණේ'' යනුවෙන්
   විස්තර කළ ආචාර්ය ප්‍රියාන් පෙරේරා සඳහන් කළ පර්යේෂණයේදී අනාවරණය කරගත් තොරතුරු පහත දැක්වේ. යාල, විල්පත්තුව සහ කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වනාන්තර ආශ්‍රිතව මීට අදාළ මූලික පර්යේෂණ සිදුකර ඇත.

   01. ලංකාවේ මෙතෙක් වාර්තා වී තිබුණේ කබල්ලෑවන්ගේ ව්‍යාප්තිය මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් දක්වා කලාපයකට සීමා වී ඇති බවය. එහෙත් නව පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1850ක් දක්වා ව්‍යාප්තව සිටින අතර පරිසර පද්ධති රැසකට අනුවර්තනය දක්වන බව සොයා ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙන්ම මීගමුව හා පුත්තලම ආශ්‍රිත මුහුදු බඩ කඩොලාන ආශ්‍රිතවද කබල්ලෑවන් හමුව ඇත.

   02. පහතරට නිවර්තන තෙත් කලාපය තුළ මෙම සතුන් ප්‍රිය කරන පරිසර තත්ත්වයන් වර්ෂා වනාන්තර වේ. ජීවත්වීම සඳහා හාරන ලද ගුල් සහ උමං ප්‍රධාන වශයෙන් හමුවන්නේ වර්ෂා වනාන්තර වැනි හොඳින් වැඩුණු තුරු වියනක් සහිත පරිසරයකිනි. නමුත් ආහාර සොයා ගැනීමට ඒ ආශ්‍රිතව ඇති ස්වභාවික නොවන රබර් වතු, කටුපොල් වගාවන් හා වෙනත් කෘෂිකාර්මික වගාවන් මෙන්ම ගම්මාන ආශ්‍රිතව ඇති වෙනත් ගෘහාශ්‍රිත පරිසර ද භාවිතයට ගනු ලැබේ.

   03. යගිරල වනාන්තරය ආශ්‍රිතව සවිකළ ස්වයංක්‍රිය කැමරා මගින් ලබා ගත් වීඩියෝ දර්ශන විශ්ලේෂණයේදී අනාවරණය වී තිබෙන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 04.00 දක්වා කාලය තුළ කබල්ලෑවන් වඩාත් ක්‍රියාශීලිව ගත කරන බවය.

   04. වාසස්ථාන අහිමිවීම, කුහුඹුවන් සහ වේයන් වැනි ආහාර අහිමි වීම, මස් පිණිස සහ වෙනත් කොටස් ලබා ගැනීම සඳහා දඩයම් කිරීම මෙම සතුන් මුහුණ දී ඇති ප්‍රධාන තර්ජන වේ.

   ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් වැඩි වශයෙන් ඝාතනයට ලක්වන්නේ වෙළෙඳාම සඳහා නොව දඩයක්කරුවන්ගේ මස් පිණිස බව පර්යේෂකයෝ පවසති. කෘෂිකාර්මික පරිසර පද්ධති වල වෙනත් සතුන් සඳහා ඇටවූ උගුල්වලට අසුවීමෙන්ද මෙම සතුන් මියගිය අවස්ථා වාර්තාවී තිබේ.

   මහාචාර්ය නිහාල් දයාවංශ, හසිත කරවිට සහ හිරූෂ රන්දිමාල් මෙම පර්යේෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.
   මෙහි කිසිවක් අඩංගු නැත.

   ශීතකරණයක පණ පිටින් සිටි කබල්ලෑවා

   පාරිභෝගිකයන්ට මස් පිණිස අලෙවිකිරීමේ අරමුණින් බම්බලපිටියේ චීන අවන්හලක ශීතකරණයක දමා තිබු කබල්ලෑවෙකු පණ පිටින් සොයාගැනීමේ සිද්ධියක් ද පසුගිය කාලයේදී වාර්තා විය.

   කලාපයේ සෙසු රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවෙන් කබල්ලෑවන් වෙනත් රටවලට රැගෙන යාම පිණිස වෙළෙඳාම් කිරීම සඳහා එතරම් ඝාතනය නොකෙරුණ ද එවැනි උත්සාහයන් කිහිපයක් වාර්තා වී තිබේ. ලංකා ඉතිහාසයේ කබල්ලෑවන්ගේ කොටස් රටින් පිට කිරීමේ උත්සහයක් 2012 වසරේ දී පළමු වරට අනාවරණය කර ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ හිටපු ප්‍රධානී සමන්ත ගුණසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

   2012 නොවැම්බර් 12 වැනි දින ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කළ කබල්ලෑ පොතු කිලෝග්‍රෑම් 2.2ක් සහකාර රේගු අධිකාරිවරයෙකු වූ හසන්ත කෞෂල්‍ය විසින් කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබිණි. ඉන් පසුව 2018 දක්වා ශ්‍රී ලංකා රේගුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අවස්ථා හයකදී කබල්ලෑවන්ගේ කොටස් ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා තිබේ.

   මෙම තොරතුරුද දැනගන්න:
     * ලෝක උරුම සිංහරාජ වනයේ "ජෛව කොල්ලය සැලසුම් සහගත අපරාධයක්"
     * වන සතුන්ට ආශීර්වාදයක් විය හැකි කොරෝනාවෛරසය
     * ගල්කිස්ස මුහුදු වෙරළ: "කෘත්‍රිම වෙරළ නිර්මාණයේ ක්‍රියා පිළිවෙත නීතියේ මූලධර්මවලට පටහැනියි"
     * සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාවින් පවුල'

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

     *

ලෝක උරුම සිංහරාජ වනයේ "ජෛව කොල්ලය සැලසුම් සහගත අපරාධයක්"
       2019 පෙබරවාරි 6
     *

සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාවින් පවුල'
       2019 ජූලි 1

ප්‍රධාන පුවත

     *

ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
       2020 අගෝස්තු 14
     *

ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
       පැය 7 කට පෙර
     *

කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
       2020 අගෝස්තු 14

දැක්ම

     *

ජාතික ලැයිස්තුව: විමලතිස්ස හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි
       2020 අගෝස්තු 11
     *

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන 'අර්බුදයක්'
       2020 අගෝස්තු 10
     *

මහින්ද රාජපක්ෂ සිව් වන වරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි
       2020 අගෝස්තු 9
     *

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග
       2020 අගෝස්තු 7
     *

2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්
       2020 අගෝස්තු 6
     *

2020 පාර්ලිමේන්තු මැතිවරණය: මැතිවරණ දිනයේ පෙළ ගැසීම් 
       2020 අගෝස්තු 5
     *

''ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි''
       2020 ජූලි 22
     *

කෝවිඩ්-19 මාර්ගෝපදේශ නීතිගත කළ යුත්තේ ඇයි? - PHIවරු කියන කතාව
       2020 ජූලි 17
     *

''සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ''
       2020 ජූලි 16

වැඩිපුරම කියැවූ

    1. 1
       ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
    2. 2
       ටී රෙක්ස් වර්ගයේ නව ඩයිනසෝරයෙක් සොයා ගනී
    3. 3
       කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
    4. 4
       ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
    5. 5
       ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 අතරට ගිය කස්තුරි චෙල්ලරාජා විල්සන්

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.