Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

   22 ජූනි 2020
   යාවත්කාලීනවී ඇත 25 ජූනි 2020
   කරුණා

   ඡායාරූප මූලාශ්‍රය, Getty Images

   දමිළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

   පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ විසිනි.

   නීතිපතිවරයා, කරුණා අම්මාන් සහ වැඩ බලන පොලිස්පති වරයා පෙත්සමේ එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

   පෙත්සමේ සඳහන් වන්නේ, ඉකුත් 19 වන දා දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමා අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයකදී හමුදා සාමාජිකයින් 2000 ක් 3000ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවය.

   මෙම ප්‍රකාශය තුළින් කරුණා අම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වරදක් සිදුකර ඇති බවද පෙත්සම්කරු පවසයි.

   සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් බව පවසන පෙත්සම්කරු, කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇතත් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

   අදාළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය මීට ඉහතදී පැවසීය.

   පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පසුගිය සඳුදා (ජුනි 22) බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයා කළ නියෝගයක් අනුව පරීක්ෂණය ආරම්භ කළ බවය.

   කෙසේ වෙතත්, මෙම විමර්ශනය අවසන් කිරීමට කොපමණ කලක් ගතවේ ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කරුණා අම්මාන් මොනව ද කිව්වේ?

   දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් අම්පාර, නාවිදන්වැලි ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ, 'කොරෝනාවට වඩා තමන් භයානක බව කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් කර ඇති' බවය.

   "කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියලා තියෙනවා, කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියලා. එයා කියපු එක ඇත්ත. කොරෝනා ඇවිල්ලා මැරුණේ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩදි 2000ක් 3000ක් විතර හමුදාව මරා දැමුවා. තේරෙනව නේ ද? එයා කියපු එක කිලිනොච්චිවලත් කී දාහක්ද?," කරුණා අම්මාන් එහිදී කළ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාලිකාවල විකාශය කෙරිණ.

   තමන්ට මෙවර ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා දිය හැකි බවට මහින්ද රාජපක්ෂ දැනුම් දුන්න ද, මෙවර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යාමට තමන් තීරණය කළ බව ද ඔහු එහිදී පැවසීය.
     * කොටින්ගෙන් දිවි බේරාගත් පොලිස් නිලධාරියකුගෙන් ඉල්ලීමක් 

   මේ සම්බන්ධයෙන් ට්විටර් ඔස්සේ අදහස් පළ කළ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කර තිබුණේ, "රාජපක්ෂවරුන් ජාතිකත්වය සහ දේශමාමකත්වය පිළිබඳව කතා කරද්දී ඔවුන්ගේ මිනිසුන් හමුදා සාමාජිකයින් ඝාතනය කළ ආකාරය පිළිබඳව පවසන" බවය.
   Skip Twitter post, 1

     “I am more dangerous than the corona virus. I have killed 2000 to 3000 army personnel in Elephant Past and thousands in Kilinochchi” says Karuna Amman. While the Rajapakse’s talk of nationalism and patriotism their man in the east boast of murder of thousands of army paersonnel. pic.twitter.com/FcZ3SIG5ss
     — Ruwan Wijewardene (@RWijewardene) June 19, 2020

   End of Twitter post, 1

   විනායගමූර්ති මුරලිදරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක සාමාජිකයින් අදහස් පළ කර තිබිණි.

   ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ, "කරුණා අම්මාන් වහා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු" බවය.
   Facebook

   ඡායාරූප මූලාශ්‍රය, Facebook

   ජාතික ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණි.

   "කරුණා ඡන්දෙ ඉල්ලනවා, ජනාධිපතිගෙ දෑත් ශක්තිමත් කරන්න. කරුණා අම්පාරේ නැගෙනහිර ගිහින් කියන්නෙ මොනව ද? එයාට ඡන්දෙ දෙන්න. එයා කොරෝනාවලට වඩා භයානකයි, එයා මැරුව අලිමංකඩදී හමුදාවේ 2000ක් 3000ක්. කිලිනොච්චියෙ දාස් ගාණක් මැරුව. හමුදාව මැරුව නිසා මට ඡන්දෙ දෙන්න කියනව. එයා ඒ ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ දෑත් ශක්තිමත් කරනව. මෙහෙ ඉන්න කට්ටිය ඒ පත් කරපු
   ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න ඡන්දෙ ඉල්ලනවා. ඒගොල්ලො කියන්නෙ මොකක් ද? අපි තමයි කොටි මැරුවෙ කොටි මරපු නිසා ඡන්දෙ දෙන්න. පුදුම වෙන්න එපා ඡන්දෙට කලින් සහින්දමර්දුවලට ගිහින් සහරාන් වෙනුවෙන් ස්මාරකයක් හදනව, ඒක නිසා අපට ඡන්දෙ දෙන්න කියල කිව්වත්. ඒකත් වෙන්න පුළුවන්."

   සඳුදා (ජුනි 22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය එස් බී දිසානායක ප්‍රකාශ කළේ, "ඔහු යුද්ධයේදී අපේ පැත්තට උදව් කළා. ඒ නිසා ඔහුට නීත්‍යානුකූල සමාවක් හිමි වන," බවය.
     * හමුදා සාමාජිකයන් 'ඝාතන' නඩුව පළමු වරට විභාගයට 

   මේ අතර, කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන්නැයි ඉල්ලා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම ගැන ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බව ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සදුදා මාධ්‍ය වෙත පැවසීය.

   "කරුණා අම්මාන් මේ සා විශාල දරුණු ක්‍රියාවක් කරලත්. සමාජ නායකයෙක් හැටියට වැජඹෙනවා. අදත් වී අයි පී කෙනෙක් හැටියට ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක හමුදාවෙන්," ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

   කරුණා අම්මාන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද අදහස් පළ වී තිබිණි.
   Skip Twitter post, 2

     alright,, after the G/E on 5th August., CID informs the courts that Karuna Amman infact was referring to LEGO soldiers & not real soldiers. He infact 'killed' 3000 of them in a single night. pic.twitter.com/DPEeEN7zKI
     — Ayoma Kobbekaduwa (@ayoma_k) June 22, 2020

   End of Twitter post, 2
   Skip Twitter post, 3

     යුද්ධෙට කරුණා අම්මාන් වතුර අද්දෙ නෑ කියලා අපි දන්නවා.
     බෞද්ධයන් විදියට අමාරුවෙන් හරි සමාව දෙන්නත් පුළුවන් වෙයි
     නමුත් යුද්ධෙ ඉවර වෙලා අවුරුදු 10 ගිහිනුත් කරුණා චන්ද එකතු කරන්නෙත් තමන් කරපු ප්‍රාණ ඝාත ගැන උජාරුවෙන් කතා කරලා නම් ඔහුට තවම ජරා අතීතය ගැන පසුතැවීමක්, කලකිරීමක් නෑ 🤔 https://t.co/fx494a2KWm
     — Ishanka Jayasinghe (@IshankaJayasin1) June 21, 2020

   End of Twitter post, 3
   Skip Twitter post, 4

     " මම කොරෝනාවට වඩා භයානකයි.
     එක දවසේ හමුදාවේ 2000-3000ක් මැරුවා. " - පොහොට්ටුවේ උපසභාපති කරුණා අම්මාන්
     Shouldn't some action be taken for his comments? As a party which raves about soldiers and patriotism, shame @PodujanaParty does not take action against his comments. #srilanka pic.twitter.com/Wto5dZYHO0
     — Chamith Wijesundera (@chamithwije) June 20, 2020

   End of Twitter post, 4
   Skip Twitter post, 5

     කරුණා අම්මාන් වහාම අත් අඩංගුවට ගන්න බැරි ද ? අයිසේ !
     — Jeevanee Kariyawasam (@JeevaneeK) June 20, 2020

   End of Twitter post, 5

ප්‍රධාන පුවත

     *

ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
       2020 අගෝස්තු 14
     *

ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
       පැය 7 කට පෙර
     *

කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
       2020 අගෝස්තු 14

දැක්ම

     *

ජාතික ලැයිස්තුව: විමලතිස්ස හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි
       2020 අගෝස්තු 11
     *

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන 'අර්බුදයක්'
       2020 අගෝස්තු 10
     *

මහින්ද රාජපක්ෂ සිව් වන වරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි
       2020 අගෝස්තු 9
     *

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග
       2020 අගෝස්තු 7
     *

2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්
       2020 අගෝස්තු 6
     *

2020 පාර්ලිමේන්තු මැතිවරණය: මැතිවරණ දිනයේ පෙළ ගැසීම් 
       2020 අගෝස්තු 5
     *

''ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි''
       2020 ජූලි 22
     *

කෝවිඩ්-19 මාර්ගෝපදේශ නීතිගත කළ යුත්තේ ඇයි? - PHIවරු කියන කතාව
       2020 ජූලි 17
     *

''සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ''
       2020 ජූලි 16

වැඩිපුරම කියැවූ

    1. 1
       ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
    2. 2
       ටී රෙක්ස් වර්ගයේ නව ඩයිනසෝරයෙක් සොයා ගනී
    3. 3
       කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
    4. 4
       ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
    5. 5
       ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 අතරට ගිය කස්තුරි චෙල්ලරාජා විල්සන්

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.