Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

කොල්ලුපිටියේ පොලිස් පහරදීම: "ඇමෙරිකාවට වැඩිය ඇමෙරිකාව ආරක්ෂා කරනවා"

   12 ජූනි 2020
   Front Line Socialist Party/Facebook

   ඡායාරූප මූලාශ්‍රය, Front Line Socialist Party/Facebook

   "ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව" පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජූනි 09 වන දා සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබේ.

   විශේෂයෙන් පොලිසිය කාන්තාවන්ට සැලකූ ආකාරය සහ පහර දුන් ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
   facebook

   ඡායාරූප මූලාශ්‍රය, facebook
   Facebook

   ඡායාරූප මූලාශ්‍රය, Facebook

   බ්‍රහස්පතින්දා (ජූනි 12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, පොලිසිය අදාළ පහර දීම සිදු කර ඇත්තේ, ආණ්ඩුවේ නියෝගයක් අනුව නොවන බවය.

   "අපි මර්දිත ආණ්ඩුවක් නොවේ කියන එක අපි ඔප්පු කරල තියෙනව. ඒක වෙලා තියෙන්නෙ ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් වශයෙන් මිස නියෝගයකින් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි," අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

   ඔහු ප්‍රකාශ කළේ, විරෝධතාකරුවන් පළමුවෙන් පොලිසියට පහර දීම හේතු කරගෙන ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන් පොලිසිය පහර දුන් බව වීඩියෝ දර්ශනවලින් පෙනී ගොස් ඇති බවය.
   Front line Socialist Party/Facebook

   ඡායාරූප මූලාශ්‍රය, Front line Socialist Party/Facebook

   කෙසේ වෙතත්, "ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ඇති බව පොලිසිය තමන්ට දැනුම් දුන් අතර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම අසලදී අත්අඩංගුවට ගැනීම සහ පහරදීම සිදු කරන ලද්දේ කිසිදු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ආරම්භ වීමටත් පෙර" බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

   "ඉන් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ලිප්ටන් වටරවුමට පැමිණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටියදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්, කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් එම සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූ" බව ද එම පක්ෂය පවසයි.
   Skip Facebook post, 1

   මෙහි අන්තර්ගතය නැත
   වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

   End of Facebook post, 1

   මේ සම්බන්ධයෙන් විමසීම පිණිස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය උත්සහ කළ ද, එය ව්‍යර්ථ විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට කාර්යාලයට නොහැකි බවය.

   පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වූ පිරිසක් විසින් පිහිටුවන ලද දේශපාලන පක්ෂයකි. ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි.
     * කෲරත්වය සහ වධබන්ධන ගැන ශ්‍රී ලංකා පොලිසියට චෝදනා 

   ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත පවසන්නේ, "ආණ්ඩුව ඇමෙරිකාවේ ගැත්තෙකු ලෙස ක්‍රියා කරන" බවය.

   "පොලිසිය කියන්නේ රජයේ ආයතනයක්. අපිට පොලිසිය එක්ක කිසි ම ප්‍රශ්නයක් නෑ. ඔවුන් ක්‍රියාත්මක කරන්නෙ ආණ්ඩුවේ නියෝග. ඔවුන් නියෝගයකින් තොරව පහර දුන් බව කියනවා නම් ඇයි ඔවුන් ගැන විමර්ශනයක් නොකරන්නේ? මේක විරෝධතා මුලින් ම උපුටා දාන්න ආණ්ඩුව ගන්නා උත්සහයක්. ඒත් අපිව නවත්වන්න ආණ්ඩුවට බැහැ," කේඩී ලාල්කාන්ත පැවසීය.

   මේ අතර, අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය අනන්‍යතාව බලවත් කර ගැනීම සඳහා අදාළ විරෝධතාව සංවිධානය කළ බවය.

   කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ "සාමකාමී උද්ඝෝෂණයක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන" බවය.

   "නිරෝධායන නීතිරීති කඩකළේ උද්ඝෝෂණය කරපු අය ද, පොලිසිය ද කියල රූපරාමු බලන ඕන ම කෙනෙකුට පේනව, මීටරයක දුර හිටපු මිනිස්සුත් එකතු කරල කූඩුවට ගෙනියන්න ඇදල දාගත්ත හැටියෙන් ගහපු හැටියෙන් නිරෝධායන නීති කඩකළේ කවුද කියල. සාමකාමී උද්ඝෝෂණයක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඇමෙරිකාවට වැඩිය ඇමෙරිකාව ආරක්ෂා කරන නිසානෙ මෙතන පොලිසියෙන් ගහන්නෙ ම්ලේච්ඡ විදිහට. එක රටක් එක නීතියක් කියන්නෙ මේකට ද?"
   සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා පොලිසියට චෝදනා

   වධදීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ කෝවිඩ්19 වසංගතය යොදාගනිමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට ශ්‍රී ලංකා පොලිසියට බරපතළ චෝදනා එල්ල වී තිබේ.

   විශේෂයෙන් ම ආණ්ඩුව විවේචනය කරන පිරිස්, මාධ්‍යවේදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ක්‍රියාධරයන් 'දඩයම් කිරීම' සහ ආගමික බෙදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රස්ත විරෝධී නීතිය සහ ඇඳිරි නීතිය යොදාගන්නා බව ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව එල්ලවන ප්‍රධාන ම චෝදනාවකි.

   ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම සහ හියුමන් රයිට්ස් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද පොලිසියේ වධ බන්ධන පැනවීම් සහ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන සවිස්තර වාර්තා නිකුත්කොට තිබේ.

   ඒ සම්බන්ධයෙන් 2018 අගෝස්තු මාසයේ බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රධාන විමර්ශන නිලධාරී, නීතිඥ ආචාර්ය මාරින්ග සුමනදාස කියා සිටියේ, "2017 - 2021 වර්ෂ ඉලක්ක කරගෙන 'මානව හිමිකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන," බවය.

   "මෙම වැඩපිළිවෙල යටතේ ජාතික පොලිස් කොමිසමට පැවරිලා තියෙනවා 'විශේෂ ඒකකයක්' පිහිටුවලා විශේෂයෙන්ම පොලිස් වධ හිංසාවන්ට ලක්වන අය පිළිබඳ පියවර ගැනීමට."

   එහෙත් එවැනි විශේෂ ඒකකයක් පිහිටුවන ලද බවක් මෙතෙක් වාර්තා වී නැත.
     * ජාතිවාදය පෙන්වන සරල ප්‍රශ්නයක් 
     * පොලිස් වද බන්ධන දිගටම- හියුමන් රයිට්ස් වොච්
     * වධ හිංසා: පොලිස් කොමිසමෙන් නව පියවරක්
     * "අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් සහ වධ හිංසා"
     * ඇමරිකාවේ පොලිස් ක්‍රෑරත්වය ප්‍රදර්ශනය කළ අවස්ථා 11 ක් 

ප්‍රධාන පුවත

     *

ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
       2020 අගෝස්තු 14
     *

ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
       පැය 7 කට පෙර
     *

කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
       2020 අගෝස්තු 14

දැක්ම

     *

ජාතික ලැයිස්තුව: විමලතිස්ස හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි
       2020 අගෝස්තු 11
     *

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන 'අර්බුදයක්'
       2020 අගෝස්තු 10
     *

මහින්ද රාජපක්ෂ සිව් වන වරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි
       2020 අගෝස්තු 9
     *

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග
       2020 අගෝස්තු 7
     *

2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්
       2020 අගෝස්තු 6
     *

2020 පාර්ලිමේන්තු මැතිවරණය: මැතිවරණ දිනයේ පෙළ ගැසීම් 
       2020 අගෝස්තු 5
     *

''ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි''
       2020 ජූලි 22
     *

කෝවිඩ්-19 මාර්ගෝපදේශ නීතිගත කළ යුත්තේ ඇයි? - PHIවරු කියන කතාව
       2020 ජූලි 17
     *

''සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ''
       2020 ජූලි 16

වැඩිපුරම කියැවූ

    1. 1
       ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
    2. 2
       ටී රෙක්ස් වර්ගයේ නව ඩයිනසෝරයෙක් සොයා ගනී
    3. 3
       කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
    4. 4
       ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
    5. 5
       ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 අතරට ගිය කස්තුරි චෙල්ලරාජා විල්සන්

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.