Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

   BBC Account
     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

කොරෝනා වෛරසය: භාණ්ඩ නිවසට ම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ කුමක් ද?

     * 2020 මාර්තු 26

     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * මෙය බෙදාගන්න ඊමේල් 
     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න WhatsApp 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * යවන්න 
       මෙය බෙදාගන්න
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
          + ඊමේල්
            මෙය බෙදාගන්න ඊමේල් 
          + Facebook
            මෙය බෙදාගන්න Facebook 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Twitter
            මෙය බෙදාගන්න Twitter 
          + WhatsApp
            මෙය බෙදාගන්න WhatsApp 
       මේ යොමුව පිටපත් කරන්න
       https://www.bbc.com/sinhala/sri-lanka-52032098
       මිතුරන්ට යැවීම පිළිබඳ
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
       (BUTTON) බෙදාගැනීමේ පැනලය වහන්න

   Image copyright Getty Images

   කොරෝනාවෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඉතා අවදානම් දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙළ බදාදා (මාර්තු 25) ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

   මෙම තීරණයට එළඹියේ ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාව තුළ "භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව වෙළෙඳසල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනාවෛරසය පාලනයට බරපතළ බාධාවක් බවට සෞඛ්‍ය නිලධාරීන් හඳුනා ගැනීම," සැලකිල්ලට ගනිමිනි.

   ඒ අනුව, රජය කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක නම් කළේය.

   අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක සඳහා දින නියමයකින් තොරව ඇඳිරි නීතිය පනවා තිබේ.

   අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට ම ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට සිදුවූයේ, එම තීරණයත් සමගය.

   "ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබා දීමේ සැලැස්ම මාර්තු 25 දින සිට ක්‍රියාත්මක" බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

කාර්ය සාධක බලකායක්

   අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට ම බෙදා හැරීමේ කටයුතු සංවිධානය සහ සම්බන්ධීකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

   ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, "සතොස, කීල්ස්, ලාෆ්ස්, ආර්පිකෝ, කාර්ගිල්ස් ෆුඩ්සිටි, අරලිය, නිපුන සහ සෙසු තොග වෙළෙඳ සමාගම් හවුල් කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.

   මේ අතර, කීල්ස් සමාගමේ නිල වෙබ් අඩවිය මේ වන විට අක්‍රිය කර ඇති අතර ඔවුන් තබා ඇති සටහනක දැක්වෙන්නේ, "නොසිතූ පිරිදි ඉන්ටර්නෙට් හරහා කෙරෙන ඇණවුම් සංඛ්‍යාව වැඩි වී ඇති අතර ජාලගත ඇණවුම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති," බවය.

   කෙසේ වෙතත්, රජය නිවේදනය කළේ, විවිධ සේවා සමූපකාර සමිති සහ සතොස වෙළෙදසල් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම අඛණ්ඩව සිදු කරන බවය.

   මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා මෙහෙයුම් ඒකකයක් ස්ථාපනය කර ඇති අතර එහි දුරකතන අංකය 0112307511 වේ.

   මේ සම්බන්ධයෙන් තවමත් ජනතාව අතර අවිනිශ්චිතභාවයක් දක්නට ලැබෙන අතර බීබීසී සිංහල සේවය සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ සාමාන්‍ය ජනතාව අතරින් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ, නිවෙස්වලට භාණ්ඩ ලබා දෙන බව පැවසුව ද ඒ සම්බන්ධයෙන් පැහැදිලි බවක් තමන්ට නොමැති බවය.

   ඇණවුම් කර භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක ආයතන සම්බන්ධ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

   මේ අතර, දෛනික වැටුප් ලබා ගනිමින් ජීවත් වන විශාල පිරිසක් දැඩි අභියෝගයකට ලක්ව තිබේ.

   නිවස වෙත භාණ්ඩ ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ ද එම භාණ්ඩ මිල දී ගැනීම සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීම ඔවුන්ට අභියෝගයක් වී ඇත.

   මේ අතර, සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් රුපියල් 10,000ක පොළී රහිත අත්තිකාරම් මුදලක් සමෘද්ධි බැංකු සංගම් මගින් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ.

   මේ අතර, රජය නිවේදනය කළේ ඖෂධ මිල දී ගැනීම සඳහා ඇදිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාවලදී අවහිරයක් නොමැති බවය.

සබැඳි විෂයයන්

     * කොරෝනාවෛරසය 
     * ආහාර
     * ශ්‍රී ලංකාව
     * සෞඛ්‍ය

මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ

     * ඊමේල් 
     * Facebook 
     * Messenger 
     * Messenger 
     * Twitter 
     * WhatsApp 

   යලිත් උඩට 

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.