Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

   BBC Account
     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

සීදුව 'කඩොල් කැළේ' ගින්න පිටුපස ඇති තත්ත්වය ගැන විවාදයක්

     * 2020 පෙබරවාරි 21

     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * මෙය බෙදාගන්න ඊමේල් 
     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න WhatsApp 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * යවන්න 
       මෙය බෙදාගන්න
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
          + ඊමේල්
            මෙය බෙදාගන්න ඊමේල් 
          + Facebook
            මෙය බෙදාගන්න Facebook 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Twitter
            මෙය බෙදාගන්න Twitter 
          + WhatsApp
            මෙය බෙදාගන්න WhatsApp 
       මේ යොමුව පිටපත් කරන්න
       https://www.bbc.com/sinhala/sri-lanka-51583827
       මිතුරන්ට යැවීම පිළිබඳ
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
       (BUTTON) බෙදාගැනීමේ පැනලය වහන්න

   Image copyright Dinusha Nanayakkara Image caption සීදුව 'කඩොල් කැළේ' ගින්න 20.02.2020 දිස්වූ අයුරු

   සීදුව, පිලපිටිය කුඹුර ආසන්නයේ ඝන අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නක් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

   මේ වන විට ගින්න නිවා දමා ඇති බව බලධාරීන් පැවසුව ද, සීදුව සිට ගණේමුල්ල දක්වා අහසේ දුමාරය තැන්පත් වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
   Facebook හි Roshan Yapa - රොෂාන් යාපා කළ වෙනි පළකිරීම මග හරින්න

     💢 සීදුව කැලෑබද ප්‍රදේශයක පැතිරෙන ගින්න හේතුවෙන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කටුනායක දක්වා කොටස තාවකාලිකව වැසේ. කටුනායක දෙසට යන වාහන ජාඇල පිටවීමේ දොරටුවෙන් පිටවිය යුතුයි. - RDA
     Posted by Roshan Yapa - රොෂාන් යාපා on Thursday, 20 February 2020

   Facebook හි Roshan Yapa - රොෂාන් යාපා කළ වෙනි පළකිරීමේ අවසානය

   මීගමුව කඩොලාන වනාන්තරයක් ආරක්ෂා කර ගැනීම සදහා වන නිලධාරිනියක ගත් උත්සහය පිළිබදව වාර්තා වී දින කිහිපයකට පසු මෙම සිද්ධිය වාර්තා වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබේ.
   Facebook හි Hemantha කළ වෙනි පළකිරීම මග හරින්න

     මෙතන කුනු දාන්න එපා කියල පරිසර යුක්ති කේන්ද්‍රය අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න අදාළ ආයතන වලට . වැඩක් නැහැ. ආන්ඩුවයි රටේ...
     Posted by Hemantha Withanage on Thursday, 20 February 2020

   Facebook හි Hemantha කළ වෙනි පළකිරීමේ අවසානය

   පරිසරවේදීන් චෝදනා කරන්නේ, මෙම ස්ථානය මුතුරාජවෙල රක්ෂිත අභය භූමියට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති බවය.
   Image copyright Dinusha Nanayakkara
   Image copyright Dinusha Nanayakkara
   Image copyright Dinusha Nanayakkara

සීදුව නගරාධිපතිගේ ප්‍රතිචාරය

   කෙසේ වෙතත්, සීදුව නගරාධිපති සරත් පීරිස් පරිසරවේදීන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

   සීදුව නගරාධිපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඝන අපද්‍රව්‍ය බැහැර කරන 'පිලපිටිය කුඹුර' නමැති ස්ථානය මුතුරාජවෙල අභය භූමියට අයත් නොවන බවය.

   "මුතුරාජවෙල රක්ෂිතය කියන්නෙ මොකක් ද කියල පරිසරවේදියො දන්නේ නෑ. මේ ඉඩමට කියන්නෙ පිලපිටිය කුඹුර කියල. සීදුව නගර සභාව අවුරුදු 20ක ඉදන් කුණු දැම්මෙ මෙතනට. මේක පෞද්ගලික ඉඩමක් විදිහට තිබුණ එකක්. අක්කර 50කට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම යටතේ එල් ආර් සී එක යටතට පත්වුණ ඉඩමක් මේක."

   ඔහු පැවසුවේ, ඉවත ලන වයර්වල කම්බි ලබා ගැනීම සදහා ඇතැමුන් මෙම කුණු කන්ද ආශ්‍රිතව ගිනි තැබීම් සිදු කරන අතර "මේ පාරත් කවුරුහරි ගිනි තියල තියෙනවා. ඒවා ගැන පරීක්ෂණ කරන්න දෙයක් නෑ," නගරාධිපතිවරයා පැවසීය.

   කෙසේ වෙතත්, මෙම ගිනි තැබීම හරහා "මුතුරාජවෙල ඉඩම් කොල්ලයකට අවැසි ඉඩකඩ සකසාගෙන ඇති," බවට ඇතැමුන් සමාජ මාධ්‍යවල අදහස් පළ කර තිබිණි.

පරිසරවේදීන් දක්වන අදහස්

   බ්‍රහස්පතින්දා (20.02.2020) මෙම ගිනි ගැනීම ඡායාරූපයට නගා තිබූ පරිසරවේදියෙකු වන දිනූෂ නානායක්කාර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, "මුතුරාජවෙල රක්ෂිතයට බලපෑම් කරන සීදුව නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන 11ට එරෙහිව නඩු පවරා ඇති," බවය.

     මේ ප්‍රදේශය මුතුරාජවෙල රක්ෂිතයට අයිති බව අපට වාර්තා වෙලා තියෙනවා. මේ ස්ථානයට කසළ දාන්න එපා කියලා අපි අවස්ථා ගණනාවකදී විරෝධය පළ කරල තියෙනවා.පරිසරවේදී නයනක රන්වැල්ල

   "මේ කුණු බැහැර කරන්නෙ කඩොලාන කැළයක් සුද්ද කරල. ඒක අවුරුදු ගාණක ඉදන් සිද්ධ වෙනවා. මුතුරාජවෙල රක්ෂිතයේ වඩාත් ම සංවේදී කඩොලාන කලාපය මේ සීදුව ආසන්නයේ තියෙන උතුරු කලාපය. මේක සශ්‍රීක කඩොලාන කලාපයක්. මේ කුණුවලින් ශ්‍රාවය වන විෂ සහිත යුෂ මිශ්‍ර වෙනවා මීගමුව කලපුවට. ඒකෙන් මතස්‍ය සම්පතට වගේ ම කඩොලාන සම්පතටත් විශාල හානියක් වෙනවා."

   "පරිසරවේදීන් විදිහට අපි ජීවිතේ ම කැප කරලා තියෙන්නේ පරිසරය වෙනුවෙන්. අපට පරිසරය ආරක්ෂා කර ගන්න වෙලා තියෙන්නේ රජයෙන්, රාජ්‍ය ආයතනවලින් සහ දේශපාලකයින්ගෙන්. ඒක ඉතා ම කණගාටුදායක තත්ත්වයක්." දිනූෂ නානායක්කාර වැඩිදුරටත් පැවසීය.

   පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගින්න හේතුවෙන් කඩොලාන වනාන්තරයට හානි සිදුව ඇතැයි වාර්තා වූ බවය.

   "මේ ප්‍රදේශය මුතුරාජවෙල රක්ෂිතයට අයිති බව අපට වාර්තා වෙලා තියෙනවා. මේ ස්ථානයට කසළ දාන්න එපා කියලා අපි අවස්ථා ගණනාවකදී විරෝධය පළ කරල තියෙනවා."

   මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක ද සම්බන්ධ කර ගැනීමට හැකි විය. පසුගිය දා මීගමුව ප්‍රදේශයේ කඩොලාන වනාන්තරයකට හානි කිරීමට එරෙහිව ද ඇය පෙනී සිටියාය.
   Image copyright Devanee Jayathilake/Facebook Image caption දේවානි ජයතිලක

   ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ගම්පහ දිසා වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පිටත් කළ බවය.

   "කඩොල් කැළේ කියල තැනක තමයි ගින්න ඇති වෙලා තියෙන්නේ. මේක මුතුරාජවෙලට අයිති නෑ කියල කියනව. ඒත් ව්‍යාජ ඔප්පු හදල අයිති කර ගත්ත ඉඩම් ගොඩක් ඒ ප්‍රදේශයේ තියෙනවා. කඩොලාන තිබුණ ඉඩමක් තමයි මේ කුණු දාන්න අරන් තියෙන්නේ. මම තවත් නිලධාරීන් කණ්ඩායමක් යවල පරීක්ෂා කරනවා," දේවානි ජයතිලක පැවසීය.

   "මම නම් කියන්නේ මුතුරාජවෙල ආසන්නයේ තියෙන සියලු කඩොලාන වනාන්තර ගැසට් කරල රක්ෂිත බවට පත් කරන්න ඕන කියන එකයි. එහෙම කළොත් විතරයි මේවා ආරක්ෂා වෙන්නේ."

   මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ පෙන්වා දෙන්නේ, කඩොලාන වනාන්තර ආරක්ෂා කර නොගතහොත් නරක ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවය.

   "ලංකාවේ වනගහනය 29%ක් තිබුණත් කඩොලාන ගහනය තියෙන්නේ 0.01%ක් තරම් අඩු අගයක. ඒක අපි වැඩි කර ගත්තේ නැත්නම් ඉතා ම නරක ප්‍රතිවිපාකවලට මුහුණ පාන්න වෙයි."

   ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "මීගමුවේ ඇති වුණ සිද්ධියෙන් පස්සේ කඩොලාන වනාන්තර කිහිපයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත වනාන්තර බවට නම් කරල ගැසට් කරන්න තීන්දුවක් අරන් තියෙනවා. ඒක යහපත් දෙයක්," යනුවෙනි.

සබැඳි විෂයයන්

     * පරිසරය
     * සතුන්
     * ශ්‍රී ලංකාව
     * සෞඛ්‍ය
     * දේශගුණ විපර්යාස

මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ

     * ඊමේල් 
     * Facebook 
     * Messenger 
     * Messenger 
     * Twitter 
     * WhatsApp 

   යලිත් උඩට 

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.