Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්

   මෙහි කිසිවක් අඩංගු නැත.
   ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්
   25 ජනවාරි 2020

   මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර දස වසරක් ගතව ඇතත් එතෙක් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීමට කටයුතු කර නැති බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

   ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම පිටුපස එවක පැවති මහින්ද රාජපක්ෂ පාලනය සිටින බවට චෝදනා එල්ල වේ. නමුත් එවක පැවති ආණ්ඩුවේ ප්‍රධානීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

   2015 වසරේදී බලයට පත් 'යහපාලන ආණ්ඩුව' යටතේ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යළි ආරම්භ කළ ද එම පරීක්ෂණ අවසන් කිරීමට නොහැකි වුණේ ද, නැතිනම් ඊට උවමනාවක් නොතිබුණේ ද යන්න තමන් නොදන්නා බව සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටී.

   "2015 සිට 2019 දක්වා තිබුණ ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. කවදාහරි දවසක මේ පොළොවේ සත්‍ය සහ යුක්තිය ඉටු කර ගැනීම මගේ බලාපොරොත්තුව" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
     * සන්ධ්‍යාගෙන් ගෝඨාභයට ප්‍රශ්න තුනක් 

   අතුරුදහන් වූ මාධ්‍යවේදියා සිහි කර සිකුරාදා (ජනවාරි 24) කොළඹදී චිත්‍ර ප්‍රදර්ශනයක් සහ ''මිනිසුන් අතුරුදන්වන ලෝකය ගැන කථිකාවක්'' සංවිධාන කර තිබිණි.

   අතුරුදහන් වූවන් ගැන තවත් පුවත්:
     * අතුරුදහන් වූවෝ: ජනපති ප්‍රකාශය ගැන ICJ 'තැති ගැනිලා' 
     * අතුරුදහන් වූවන් මරණයට පත් වෙලා - ගෝඨාභය රාජපක්ෂ 
     * "ලසන්ත ඝාතනය කර එකොලොස් වසරක් 

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

     *

යුද සමයේ අතුරුදහන් වූවන් මරණයට පත් වෙලා - ගෝඨාභය රාජපක්ෂ
       අතුරුදහන් වී සිටින පුද්ගලයන්ට අදාළ මරණ සහතික නිකුත් කිරීම සඳහා පියවර ගනු ඇති බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
       2020 ජනවාරි 22
     * 3:10

වීඩියෝ, "මේ ආණ්ඩුව බලයට ආවේ ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් නම් විකුණලා", 3,10
       සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට අදට අට වසරක්.
       2017 ජනවාරි 8
     *

ප්‍රගීත් පැහැර ගැනීම: 'බුද්ධි අංශ සම්බන්ධ බවට සාක්ෂි'
       මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බව ඔප්පු කළ හැකි සාක්ෂි රැසක් මේ වන විට ලැබී තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.
       2016 අගෝස්තු 30

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.