Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

   BBC Account
     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

ක්‍රිකට් : T20 නායකත්වයේ වෙනසක් ගැන අවධානය

     * 2020 ජනවාරි 13

     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * මෙය බෙදාගන්න ඊමේල් 
     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න WhatsApp 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * යවන්න 
       මෙය බෙදාගන්න
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
          + ඊමේල්
            මෙය බෙදාගන්න ඊමේල් 
          + Facebook
            මෙය බෙදාගන්න Facebook 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Twitter
            මෙය බෙදාගන්න Twitter 
          + WhatsApp
            මෙය බෙදාගන්න WhatsApp 
       මේ යොමුව පිටපත් කරන්න
       https://www.bbc.com/sinhala/sri-lanka-51089157
       මිතුරන්ට යැවීම පිළිබඳ
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
       (BUTTON) බෙදාගැනීමේ පැනලය වහන්න

   Image copyright Getty Images

   ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ලසිත් මාලිංග ඉවත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

   ඒ දිගින් දිගටම ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ලබන පරාජයන් හමුවේය. පසුගියදා ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගාවලිය ද ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ක්‍රීඩා කළ තරග දෙකේදීම ඉන්දියාවට තරගයක් දීමට පවා ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය.

   2018 වසරේ දෙවන වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්වූ ලසිත් මාලිංග එම කාල පරිච්චේදය තුළ තරග 12 ක් මෙහෙයවා ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි.
     * නවසීලන්තය 2018 තරග 1-0ක් ලෙස පරාජය
     * දකුණු අප්‍රිකාව 2019 තරග 3-0ක් ලෙස පරාජය
     * නවසීලන්තය 2019 තරග 2-1ක් ලෙස පරාජය
     * ඔස්ට්‍රේලියාව 2019 තරග 3-0ක් ලෙස පරාජය
     * ඉන්දියාව 2020 තරග 2-0ක් ලෙස පරාජය

   එම කාලසීමාවේ ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා පිළේ පකිස්ථාන සංචාරය තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග 3-0ක් ලෙස දසුන් ශානක යටතේ ජයගැනීමට සමත් විය.

   එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග යටතේ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරග අන්ත පරාජයකට ලක්විය. ඒ සමගම ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රීඩා විචාරකයන් ලසිත් මාලිංගගේ නායකත්වය ගැන විවේචන ඉදිරිපත් කරනු දක්නට ලැබිණි.
     * ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලසිත් මාලිංග දුන් යෝජනා 
     * ක්‍රිකට් 'නැති වුනේ' ඇයි? - මාලිංගගේ විග්‍රහය 

   "ශ්‍රේණිගත කිරීම් වල අංක 9 හිටපු කණ්ඩායම මම බාරගත්තේ. ඉතින් අපි අංක 9යට යනකම් කවුරුත් ඒ ප්‍රශ්නේ ඇහුවේ නැහැ, ඇයි අපි දිගින් දිගින් පරදින්නේ කියලා. අපි පිළිගන්න ඕනේ අපි විස්සයි විස්ස දක්ෂතා අතර නැති කණ්ඩායමක් කියලා. එහෙම නැති කණ්ඩායමක් දක්ෂතා අතරට ගේන්න සැහෙන කාලයක් යනවා." තමන්ගේ නායකත්වයට එල්ලවෙන විවේචන ගැන ලසිත් මාලිංග ඉන්දීය සංචාරයෙන් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.

   "කවුරුහරි කියනවනම් නායකත්වය තමයි පරාජයට හේතුව කියලා මට කියන්න තියෙන්නේ පන්තියේ ළමයි වැඩකරන්නේ නැතුව ප්‍රතිඵල එන්නේ නැත්නම් පන්තියේ නායකයා මාරුකරන එකද හරි කියන එක. එහෙමනම් මම ඒකට ඕන වෙලාවක ලෑස්තියි." ලසිත් මාලිංග සඳහන් කළේය.
   Image copyright Getty Images Image caption දසුන් ශානක

   2014 විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර පළමුවරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් ලසිත් මාලිංග එම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමට සමත්විය. කෙසේ නමුත් එහිදී ඔහුගේ නායකත්වයට අත්දැකීම් බහුල මහේල ජයවර්ධනගේ සහ කුමාර් සංගක්කාරගේ සහය හිමිවිය.

   ඔවුන් දෙපළ 2014 වසරේ විශ්‍රාම යාමෙන් අනතුරුව 2016 දක්වා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග දැරුවත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය.

   2016දී අබාධ තත්වයක් හේතුවෙන් නායකත්වය අහිමිවූ ඔහුට, 2018 වසරේ දෙසැම්බර් මාසයේ යළි නායකත්වය හිමිවිය.

   කෙසේ නමුත් දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ දැන් ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත්කර ඒ වෙනුවට  තරුණ ක්‍රීඩකයකු ආදේශ කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ.
     * මිකී ආතර්: වසර අටක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 11 වෙනි පුහුණුකරු 

   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු පැවසුවේ මේ පිළිබඳ අවසන් තීරණය ලබන පෙබරවාරි මස තුළදී  ගැනීමට නියමිත බවයි.

   බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග දෙකක් සඳහා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම තරගාවලියේ විස්සයි විස්ස තරගවල ශ්‍රී ලංකාව මෙහෙයවන්නේ ලසිත් මාලිංග ද නැත්නම් වෙනත් ක්‍රීඩකයෙක්ද යන්න තේරීම් කමිටුව තීරණයක් ගැනීමට සිදුවනු ඇත.

   පකිස්ථානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානකට විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායකත්වය ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව දැනටමත් යෝජනා කොට තිබේ. කෙසේ නමුත් විස්සයි විස්ස තරග 38ක් ක්‍රීඩාකර පිතිකරු ලකුණු සාමාන්‍ය 15ක් පමණක් ඇති දසුන් ශානක එම තනතුරට සුදුසු නොමැති බව තවත් පිරිසක් තර්ක කරනු දක්නට ලැබේ.

   විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර ප්‍රධාන වටයට පිවිසීමට සුදුසකම් ලැබීමේ වටයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබේ.

සබැඳි විෂයයන්

     * ක්රීඩා
     * ශ්‍රී ලංකාව
     * ක්රිකට්

මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ

     * ඊමේල් 
     * Facebook 
     * Messenger 
     * Messenger 
     * Twitter 
     * WhatsApp 

   යලිත් උඩට 

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

     * ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට ලසිත් මාලිංග දුන් යෝජනා
       2019 ජූලි 5
       
     * ක්‍රිකට් නැතිවුනේ ක්‍රීඩක පරපුරක් අහිමි කර ගැනීමෙන් - ලසිත් මාලිංග
       2017 සැප්තැම්බර් 1
       
     * මිකී ආතර්: වසර අටක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 11 වෙනි පුහුණුකරු
       2019 දෙසැම්බර් 5
       

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.